දකුණු ආසියානු කලාපයේ භෞතික භූ දර්ශනය තුළ බහුලව සිදු කරනු ලබන මානුෂීය ක්‍රියාකාරකම් හේතුවෙන් කාර්මික හා නාගරික භූ දර්ශනය නිර්මාණය වී ඇත. මෙම කලාපයේ මිනිසා විසින් නිර්මාණය කළ මාර්ග ජාල, සන්නිවේදන ජාල, වාසස්ථාන හා පරිපාලන මධ්‍යස්ථාන  ආදිය ඉදි කළ ප්‍රදේශ දක්නට ලැබේ. දකුණු ආසියානු කලාපයේ  ප්‍රධාන නගර මුම්බායි, කොල්කටා, දිල්ලිය, චෙන්නායි, ඉස්ලාම්බාද්, කරච්චිය  සහ කොළඹ වැනි නගර දැක්විය හැක.


කාර්මික හා නාගරික භූ දර්ශනයේ ජනාවාස වල ස්වභාවය හා එහි ව්‍යාප්තිය

  1. නිවාස ඝනත්වය අධික වීම.
  2. සීමිත භූමි ප්‍රමාණයක අධික ජන සංඛ්‍යාවක් වාසය කිරීම.
  3. කර්මාන්ත හා සේවා කටයුතු වර්ධනය වී තිබේ.
  4. මිනිසුන්ගේ දෛනික සංචලතාව ඉතා අධිකය.
  5. සැලැස්මකින් තොරව වර්ධනය වූ නගර නිසා අඩු පහසුකම් සහිත නිවාස පිහිටා ඇත.

 කාර්මික හා නාගරික භූ දර්ශනයේ පවතින කර්මාන්ත


මුම්බායි නගරය ඉන්දියාවේ ප්‍රමුඛතම වාණිජ හා කාර්මික කේන්ද්‍රස්ථානය වේ. නගරය වෙරළාසන්න පුලුල් තැනිතලා භූමියක පිහිටා ඇති නිසා වර්තමානය වන විට විවිධ කර්මාන්ත රාශියක් ව්‍යාප්ත වී ඇත. එමෙන්ම ලෝකයේ දෙවැනි විශාලතම සිනමා කර්මාන්තය වන  බොලිවුඩ් නගරය මෙහි පිහිටා ඇත. 


කාර්මික හා නාගරික භූ දර්ශනය පවතින සේවා 

  • අධ්‍යාපන
  • සෞඛ්‍ය
  • පරිපාලන
  • විනෝදය

කාර්මික හා නාගරික භූ දර්ශනය තුළ පවතින ගැටලු.

  • ඉඩම් හිඟය.
  • මාර්ග තදබදය.
  • අඩුආදායම් ජනාවාස බහුලවීම.
  • විහිදී ජනයා බහුල වීම.
  • බහුලවීම පරිසර. 
  • අපචාර බහුල වීම.



පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න .