දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් නේපාලය සහ භූතානය හැර අනෙකුත් සෑම රටකටම වෙරළක් පිහිටා ඇත.
වෙරළබඩ භූ දර්ශනය භෞතික ලක්ෂණ
වැලි පර, දූපත්,තුඩු, බොකු, කොරල්පර, කඩොලාන, කලපු වැනි භූලක්ෂණ සෑම වෙරළ තීරයක ම දැකිය හැක. ශ්‍රී ලංකාව විශාල දූපතකින් හා කුඩා දූපත් රාශියකින් යුක්ත වන අතර මාලදිවයින රාජ්‍යය තුළ දූපත් 12000 ට වඩා ඇත.
වෙරළබඩ භූ දර්ශනයේ මානුෂීය ක්‍රියාකාරකම්
මෙම කලාපයේ ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, වෙළඳාම හා නාවික කටයුතු ප්‍රධාන මානුෂික ක්‍රියාකාරකම් වේ.
ධීවර කර්මාන්තය
මෙම කලාපයේ නොගැඹුරු පටු මුහුදු තීරය හා වෙරළ තීරයේ ඇති කඩොලාන ස්වභාවය නිසා ධීවර කර්මාන්තයට හිතකර බවක් නිර්මාණය වී තිබේ. කරවල වේලීම, උම්බලකඩ සැකසීම, වෙනත් නිෂ්පාදන, මාළු ටින් කිරීම, ප්පිකටු විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීම වැනි ක්‍රියා රාශියක් ධීවර කර්මාන්තය ආශ්‍රිතව බිහිවී ඇත
සංචාරක කර්මාන්තය
දකුණු ආසියානු කලාපයේ සංචාරක කර්මාන්තය දියුණු වීමට පහත කරුණු බලපා ඇත.
- හුදකලා දූපත් වලින් සැදුම්ලත් ස්වභාවික වරාය.
- කොරල් පර සහිත නොගැඹුරු මුහුද.
- වෙරළ ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය.
- පැහැදිලි ජලය.
- හිරු එළිය විඳගත හැකි ස්ථාන.
- දාර්ශනික සුදු වැලිතලා සහිත වෙරළ
සංචාරක කර්මාන්තය ආශිත රැකියා
- හෝටල් ආශ්රිත රැකියා
- විසිතුරු භාණ්ඩ අලෙවිය
- සංචාරක මග පෙන්වීම්
- වෙළඳාම
- යුර්වේද මධ්‍යස්ථාන
.වෙළඳාම හා නාවික කටයුතු
දූපත් රාජ්‍යයක් වීම නිසා වෙරළ තීරය ආශ්රිත ව ප්‍රධානම නගර රාශියක් බිහිවී ඇත. එමෙන්ම වෙළඳ කටයුතු මූලික කරගෙන නගර වර්ධනය වී තිබේ.
වෙරලබඩ භූ දර්ශනයේ ජෛව විවිධත්වය
- කඩොලාන, තෙත්බිම් හා වගුරු වැනි ඉහළ ජෛව විවිධත්වයක් පවතී.
- මෙම පරිසර පද්ධතියට ආවේණික ශාක විශේෂ, උරග විශේෂ, පක්ෂි විශේෂ සහ මත්ස්‍ය විශේෂ දක්නට ලැබේ.
වෙරළබඩ භූ දර්ශනයේ ගැටලු.
- මානුෂීය ක්‍රියාකාරකම් නිසා වෙරළ කලාපය දූෂණය වෙමින් පවතී.
- ස්වාභාවික ක්‍රියාවලිය නිසා වැඩි වෙන වෙරළ ඛාදනය.
- ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමග සාගර වල ජල මට්ටම ඉහළ යෑමෙන් දූපත් රාශියකට ඇතිවන ගැටළු.
0 Comments