මෙහිදී ප්‍රධාන නිම්න ලෙස ඉන්දියාවේ ගංගා නම් නිම්නය පාකිස්තානයේ හින්දු නිම්නය හා ශ්‍රී ලංකාවේ මහවැලි නිම්නය හා කැලණි ගං නිම්නය දැක්විය හැක.
කඳුකරයෙන් ආරම්භ වන ගංගානම් ගඟ කිලෝ මීටර් 2510 පමණ දුර ගෙවා බෙංගාල බොක්කට ගලාබසී. කඳුකරයෙන් ආරම්භ වන මෙම ගඟ දිගේ පහලට ගමන් කරන විට විවිධ භූ රූප දක්නට ලැබේ. එනම් රැළි බිම්, ගං දඟර, පිටාර තැනි, පළල් ගංගා නිම්න, හැඩපලු ගංගා, තැනි බිම්, වැලිතලා යන ආදියයි.
ගංගා නම් නිම්න භූ දර්ශනයේ ජන ව්‍යාප්තිය හා සංස්කෘතික විවිධත්වය
ඉන්දියාවේ අධික ජනගහනය කලාපයෙන් එකක් නිසා ජනාවාස ව්‍යාප්තිය වෙනසක් දැකීමට ඇත. පහල ගං නිම්නයේ කල්කටා,හුග්ලි වැනි ප්‍රධාන නගර රාශියක් පිහිටා ඇත. හින්දු බෞද්ධ හා වෙනත් ආගම් වල පූජනීය ස්ථාන රාශියක් මෙහි පිහිටා ඇති අතර හින්දු බැතිමතුන්ගේ ශුද්ධ වූ ගංගා නදිය වන්නේ මෙයයි.
නිම්න භූ දර්ශනයේ ආර්ථික කටයුතු
ප්‍රධානම මානුෂීය ක්‍රියාකාරකම් කෘෂිකර්මාන්තය වන අතර සාරවත් දියළු පස පවතින බැවින් වී, තිරිඟු උක් වැනි කෘෂි බෝග වගා කරයි. පහළ නිම්නයේ ඩෙල්ටා ප්‍රදේශයේ පිහිටි සුන්දරබාන් වගුරු බිම ආශ්‍රිතව සිදු කරන ප්‍රධාන වගාව ජූට්. දිල්ලිය පැට්නා, අග්‍රා, කොල්කටා වැනි ප්‍රධාන නගර ආශ්‍රිතව කර්මාන්ත ව්‍යාප්තව ඇත. මෙම ප්‍රදේශය පුරා විහිදුනු මාර්ග ජාලයක් ද දක්නට ඇති අතර මගී හා භාණ්ඩ ප්‍රවාහනයේ දී බස්රථ , දුම්රිය හා ලොරි රථ බහුලව යොදා ගනී .
නිම්න භූ දර්ශනයේ ගැටලු
පහල ගංගා නිම්නයේ අධික ජන පීඩනයක් පවතින අතර ජලය අපවිත්‍ර වීම් හා ජල ගැලීම් වලට භාජනය වීමෙන් පීඩාකාරී පරිසරයක් නිර්මාණය වී ඇත.
පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න
0 Comments