දකුණු ආසියානු කලාපයේ මාලදිවයින හැර අනෙකුත් සෑම රටකම කඳුකර භූ දර්ශනයක් දක්නට ඇත. එනම්

  • ඉන්දියාව - හිමාලය
  • පාකිස්තානය- හින්දුකුෂ් , සුලෙයිමාන් වැටි
  • ශ්‍රී ලංකාව - පිදුරුතලාගල, සමනල
  • නේපාලය-  එවරස්ට් 
  • භූතානය - කුතාකා
  • බංග්ලාදේශය - චිතගොන්

මෙහිදී ප්‍රධානම කඳුවැටිය වන හිමාලය පිළිබඳව වැඩිදුර සාකච්ඡා කෙරේ.


 


මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 8000 පමණ උසින් හා දිගින් මීටර් 2500  දක්වා විහිදෙයි. ලොව උසම කඳු මුදුන් 14 න් 9 ක් මෙම භූ දර්ශනයට අයත් වේ. කඳු, නෙරු, ගැඹුරු ගංගා දෝරුදුර්ගඋස්බිම්.  සානුකපොලුදුර්ග  වැනි භූ ලක්ෂණ මෙහි දැකිය හැක. හිමාල කඳු පන්තියේ දේශගුණය සමක දේශගුණයේ සිට ධ්‍රැව දේශගුණය දක්වා විහිදී ඇත. මෙහි  උන්නතාංශය වැඩි වන විට ශීත ද වැඩි වන අතර උන්නතාංශය අඩු වන විට තෙත් ගතිය වැඩි වේ.

කඳුකර භූ දර්ශනයේ ජන වර්ග

මෙහි නම්  මොන්ගොලයිඩ් ජනවර්ගයට අයත් කසා,දරඩ්, භූටියා ලෙච්පා,ෂෙර්පා වැනි ගෝත්‍රික ජන වර්ග කීපයක් වාසය කරයි. ඔවුන් විවිධ ආගම් හා විවිධ සංස්කෘතික ඇදහීම් කරන අතර කඳු නැගීම ම ක්‍රීඩාවන් සංචාරක කර්මාන්තය මෙහිදී කැපී පෙනෙනු ඇත.

මොවුන්ගේ කඳු නැගීමට හැකිවන ලද ශක්තිමත් පැතලි පුළුල් පතුල් සහිත පාද මෙන්ම බර ඉසිලීමට හැකි ලෙස ශක්තිමත් වූ බාහු සහ අඩු ඔක්සිජන් මට්ටමකින් ජීවත්වීමට හැකිවන පරිදි සකස් වූ පෙනහලු ද පිහිටා ඇත.

කඳුකර භූ දර්ශනයේ ආර්ථික කටයුතු


කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය ප්‍රධාන ජීවන රටාව වන අතර වී තිරිඟු
, මුංඇට, මිලට්,ධාන්‍ය  හා එළවළු කෘෂිකාර්මික බෝග අතර ප්‍රධාන වේ එමෙන්ම ගවයන් බැටළුවන් සත්ව පාලනයේ ප්‍රධාන වේ.

 කඳු නගින අයට මඟ පෙන්වීම හා  භාණ්ඩ අලෙවිය වැනි සංචාරක කටයුතු ආශ්‍රිත රැකියාවල ද මොවුන් නිරත වේ. කාන්තාවන් රෙදි විවීම නූල් ගෙතීම වැනි රැකියාවල නිරත වේ

කඳුකර භූ දර්ශනයේ ජනාවාස

 කඳු කරවල ඇති ගල් ලීකුඩු මැටි ලී දඬු උපයෝගි කරමින් නිවාස ඉදිකර ඇත එකම ස්ථානයක නිවාස තැනීමට විශේෂ කැමැත්තක් දක්වති. නිවාස බොහෝ තාවකාලික වන අතර ඇතමුන් ගොවිබිම් ශ්‍රිතවද ජනාවාස ගොඩනඟාගෙන ඇත. 

 


         පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න .