දකුණු ආසියානු කලාපය පවතින භෞතික හා මානසික  භූගෝල විද්‍යාත්මක ලක්ෂණ වල අනන්‍යතාවය හේතු කොටගෙන වෙනත් භූගෝල කලාපවලින් වෙන් කර හඳුනාගත හැකිය. එමෙන්ම අධික ශීතල ප්‍රදේශ මෙන්ම  අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශද ඝන වනාන්තර  වල සිට තෘණ භූමි දක්වා වෙනස් වන වෘක්ෂලතා ද මෙහි දේශගුණය හා වෘක්ෂලතාවල විවිධත්වය පෙන්නුම් කරයි.


දකුණු ආසියා කලාපයේ සාපේක්ෂ පිහිටීම.

සාපේක්ෂ පිහිටීම යනු ආසන්න වටපිටාවේ ඇති භූගෝලීය ලක්ෂණ පදනම් කරගෙන යම් ස්ථානයක පිහිටීම දැක්වීමයි. ඒ අනුව දකුණු ආසියාවේ සාපේක්ෂ පිහිටීම වනුයේ

  • උතුරින් හිමාලය කඳු පන්තිය 
  • දකුණින් ඉන්දියන් සාගරය  
  • නැගෙනහිරෙන් බෙංගාල බොක්ක 
  • බටහිරෙන් අරාබි මුහුද 

දකුණු ආසියාවේ නිරපේක්ෂ පිහිටීම

නිරපේක්ෂ පිහිටීම යනු අක්ෂාංශ දේශාංශ පදනම් කරගෙන යම් ස්ථානයක පිහිටීම දැක්වීමයි. ඒ අනුව දකුණු ආසියාවේ අක්ෂාංශ දේශාංශ පිහිටීම වනුයේ

  • අක්ෂාංශ 0 සිට සමකය උතුරු අක්ෂාංශ 38 දක්වාත් 
  • නැගෙනහිර දේශාංශ 60 සිට 100 දක්වා  විහිදේ

 

                                         
    පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න .